මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනවලට කඩිනමින් විසඳුම් ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ධීවර ඇමතිගෙන් සහතිකයක්!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
වෙලින්ටන්, නිව්සීලන්තය — 2026 අගෝස්තු 16 —
ධීවර ක්ෂේත්රයේ පවතින ගැටලුවලට කඩිනමින් ප්‍රායෝගික විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.
අම්පාර දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්කයේ ධීවරයන් මුහුණ දෙන අභියෝග සහ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
සාකච්ඡා කළ ප්‍රධාන කරුණු
- මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජන පාලනය කිරීම: ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට විශාල තර්ජනයක් වී ඇති මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා කඩිනම් සහ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ධීවර සමිති නියෝජිතයෝ අමාත්‍යවරයාගෙන් ඉල්ී සිටියහ.
- ඔලුවිල් වරාය සංවර්ධනය: ඔලුවිල් වරාය පූර්ණ ධීවර වරායක් ලෙස ශ්‍රේණිගත කිරීමටත්, එහි ගොඩගැසී ඇති වැලි ඉවත් කර ධීවර කටයුතුවලට සුදුසු පරිදි සංවර්ධනය කිරීමටත් යෝජනා විය.
- ආයෝජන අවස්ථා: ඔලුවිල් වරාය භාවිත කරමින් ආයෝජනය කිරීමට දෙස් විදෙස් ආයෝජකයින් රැසක් උනන්දුවක් දක්වන බවත්, ඔවුන්ගේ සහභාගීත්වයෙන් වරාය සංවර්ධනය කර ධීවරයින්ට අවශ්‍ය පහසුකම් ඉහළ නංවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
