ඊජිප්තු රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 11 දෙනෙකුට මරණ දඬුවම!
කයිරෝ, ඊජිප්තුව —
ඊජිප්තු රූපවාහිනී නිවේදිකාවක් වන සාරා කලීෆා සහ තවත් පුද්ගලයින් 11 දෙනෙකුට මරණ දඬුවම පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වීමෙන් අනතුරුව මෙම දැඩි දඬුවම නියම වී තිබේ.
එරට රජයට යත් අල් – අහ්රාම් පුවත්පත සඳහන් කර ඇත්තේ ඇය ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන අමුද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කර අලෙවි කිරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් බවයි. මත්ද්‍රව්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, ඒ සඳහා විශේෂිත අපරාධ කල්ලියක් පිහිටුවීම සහ බලපත්‍ර රහිත ගිනිඅවි ළඟ තබා ගැනීම යන චෝදනා ඔවුන්ට එරෙහිව ගොනු කර තිබිණි. අපරාධ ගැටළු පිළිබඳ විකාශය වූ ‘මිෂන් ඉම්පොසිබල්’ රූපවාහිනී වැඩසටහන හරහා ප්‍රසිද්ධියට පත් 39 හැවිරිදි කලීෆා තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, නඩු විභාගයේදී මත්ද්‍රව්‍ය කිලෝ 750කට වඩා වැඩි ප්‍රමාණයක් බලධාරීන් භාරයට ගෙන ඇත. ඇයට මීට පෙරද තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ නඩුවකින් වසර 5ක සිර දඬුවමක් හිමිවී තිබිණි.
