ඇමෙරිකාව – ඉරානය එකට එක: නෞකා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක්!
වොෂින්ටන්/ටෙහෙරාන් —
ඇමෙරිකාව සහ ඉරානය අතර සති අන්තයේදී දෙපාර්ශ්වයේ නෞකා ඉලක්ක කර ගනිමින් දැඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ. ඕමාන් බොක්කේ සහ ඛාර්ග් දූපත ආසන්නයේ ගමන් කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකා සම්පූර්ණයෙන්ම විනාශ කර දමමින් ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කළ අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අමෙරිකාවට සම්බන්ධ තෙල් නැව් කිහිපයකටම ප්‍රහාර එල්ල කර ඇත.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් අනතුරු ඇඟვიුයේ, ඉරානය දිගින් දිගටම ඇමෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කළහොත් ඉරාන ඉන්ධන නෞකා මුහුදේ ගිල්වන බවයි. ලෝකයේ තෙල් සහ ගෑස් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධිය පවතින යුදමය තත්ත්වය නිසා වසා දමා ඇති අතර, මෙම උණුසුම් වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල සීඝ්රයෙන් ඉහළ යමින් පවතී. කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවතින මෙම ගැටුම්කාරී තත්ත්වය “සුළු කරුණක්” ලෙස හඳුන්වා තිබේ.
