කියීව් සාකච්ඡාවලින් පසු ‘යහපත් ප්‍රතිඵලයක්’ ලැබෙනු ඇති බවට ස්ටීව් විට්කොෆ්  විශ්වාසය පළ කරයි!

Screenshot 2026-09-07 at 9.34.45 AM

කියීව්, යුක්‍රේනය —

ඇමෙරිකානු විශේෂ දූත ස්ටීව් විට්කොෆ්  (Steve Witkoff) සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බණනවා වන ජැරඩ් කුෂ්නර් කියීව් නුවරදී යුක්‍රේන බලධාරීන් සමඟ අර්ථවත් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, ඇමෙරිකාව, රුසියාව සහ යුක්‍රේනය අතර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා වෙත යළි පිවිසෙන ලෙස දැඩි බලපෑමක් කර තිබේ. යුද්ධය ආරම්භ වීමෙන් පසු ඔවුන් කියීව් නගරයේ සිදු කළ පළමු සංචාරය මෙය වන අතර, කිසිදු ප්‍රධාන සන්ධිස්ථානයක් වහාම ප්‍රකාශයට පත් නොකළද, සාකච්ඡා සාර්ථක වනු ඇතැයි තමන් දැඩි විශ්වාසයකින් සිටින බව විට்கොෆ් පවසා ඇත.

මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී දැඩි සාකච්ඡා පැවැත්වීමෙන් පසුව මෙම කණ්ඩායම පෝලන්තය හරහා දුම්රියෙන් කියීව් වෙත පැමිණියේය. කියීව් සහ මෝස්කව් නගර ඉලක්ක කර ගනිමින් පැය 72ක තාවකාලික සටන් විරාමයක් ක්‍රියාත්මක වූ අතර, යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කී ප්‍රකාශ කළේ ඉදිරියේදී රුසියාව සහ යුරෝපා හවුල සමඟ එක්ව ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි. එසේම, යුක්‍රේනයට අවශ්‍ය කරන ‘පැට්‍රියට්’ ගුවන් ආරක්ෂක මිසයිල නිෂ්පාදන ධාරිතාව ලබන වසරේදී වැඩි කිරීමට ඇමෙරිකාව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

You may have missed