ඕක්ලන්ඩ් ගුවන්තොටුපළේ ආරක්ෂක පරීක්ෂණ සහ ගමන් බලපත්‍ර පාලන අනුපිළිවෙළ වෙනස් කිරීමට සැලසුම්!

Screenshot 2026-09-07 at 10.26.11 AM

ඕක්ලන්ඩ් ගුවන්තොටුපළේ මගීන් මුහුණ දෙන ආරක්ෂක පරීක්ෂණ (Security Screening) සහ ගමන් බලපත්‍ර පාලන (Passport Control) ක්‍රියාවලියේ අනුපිළිවෙළ 2027 අග භාගයේ සිට වෙනස් කිරීමට නියමිතය. ගුවන්තොටුපළේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ක්ලෝ සුරිජ් (Chloe Surridge) ප්‍රකාශ කළ පරිදි, එතැන් සිට ජාත්‍යන්තර සංචාරකයන් මුලින්ම ආරක්ෂක පරීක්ෂණය හරහාද, ඉන් පසුව ගමන් බලපත්‍ර පාලනය හරහාද ගමන් කළ යුතුව ඇත.

ගෘහස්ථ ජෙට් යානා සහ ජාත්‍යන්තර මෙහෙයුම් එකම වහලක් යටට ගෙන ඒමේ අරමුණින් ක්‍රියාත්මක වන දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතියක එක් පියවරක් ලෙස මෙම වෙනස සිදු කෙරේ. මෙමඟින් මගීන්ට වඩාත් සුමට හා ආරක්ෂිත අත්දැකීමක් ලබා දීමට හැකි වන බව නිව්සීලන්ත රේගුව පෙන්වා දෙයි. ආරක්ෂක පරීක්ෂාව සහ දේශසීමා පාලන කාර්යයන් අතර පැහැදිලි වෙන්වීමක් ඇති කිරීම ජාත්‍යන්තර සාර්ථකම ක්‍රමවේදය  (best practice) අනුගමනය කිරීමක් වන අතර, රේගුවේ නව eGate ප්‍රතිස්ථාපන වැඩසටහන සමඟ මෙම ව්‍යාපෘතිය සමපාත කරමින් සංචාරකයන්ට සිදුවන බාධා අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම ඉදිකිරීම් කටයුතු 2029 වසර දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

You may have missed