“ආටෙමිස් II සඳ වටා යන මොහොත නිව්සීලන්තයට දිස්වන හැටි” – ඇපලෝ වාර්තාව බිඳ හෙළමින් මිනිසා සඳේ නොපෙනෙන පැත්තට.
විශේෂ විද්‍යා පුවත් විවරණය – දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
ඕක්ලන්ඩ්, නිව්සීලන්තය — 2026 අප්‍රේල් 06 — වසර 1972න් පසු ප්‍රථම වතාවට මිනිසුන් රැගත් යානයක් සඳ බලා යන ඓතිහාසික ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන ‘චන්ද්‍ර පියාසර අවස්ථාව’ (Lunar Flyby) හෙට (අඟහරුවාදා) පෙරවරුවේ සිදුවීමට නියමිතය. ඇමරිකානුවන් තිදෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම හෙට පෙරවරුවේ සඳේ අප්‍රකට පැත්ත (Far side) පසුකර යනු ඇත.
1. නිව්සීලන්ත වේලාවෙන් වැදගත් අවස්ථාවන්
නාසා (NASA) ආයතනය විසින් නිකුත් කර ඇති නවතම කාලසටහනට අනුව නිව්සීලන්ත වැසියන්ට මෙම අවස්ථාවන් අන්තර්ජාලය ඔස්සේ සජීවීව නැරඹිය හැකිය:
- අඟහරුවාදා අලුයම 5:00: නාසා ආයතනයේ සජීවී විකාශනය ආරම්භ වේ.
- පෙරවරු 6:00: ඇපලෝ 13 යානය තබා තිබූ “පෘථිවියේ සිට මිනිසෙකු ගමන් කළ වැඩිම දුර” යන වාර්තාව ආටෙමිස් II නියමුවන් විසින් බිඳ දමනු ඇත.
- පෙරවරු 10:47: ඔරායන් (Orion) පටකය සඳ පිටුපසට ගමන් කරන අතර විනාඩි 40ක් පමණ පෘථිවිය සමඟ සන්නිවේදනය ඇණහිටිනු ඇත.
- පෙරවරු 11:02: යානය සඳට සමීපතම දුරින් ගමන් කරන මොහොත.
- පෙරවරු 11:05: මිනිසෙකු පෘථිවියේ සිට ගමන් කළ හැකි උපරිම දුර ප්‍රමාණයට (පැරණි වාර්තා බිඳ දමමින්) ළඟා වේ.
- පස්වරු 2:50: සඳ වටා ගොස් පැමිණෙන නියමුවන් ප්‍රථම වතාවට සජීවීව සිය අත්දැකීම් බෙදා ගනී.
2. නියමුවන් දකින අසිරිමත් දසුන්
සඳ වටා යන මෙම ගමනේදී නියමුවන්ට සඳ පෙනෙනු ඇත්තේ අතේ දුරින් තබා ඇති පැපොල් ගෙඩියක හෝ පැස්කට් බෝලයක ප්‍රමාණයටය.
- සූර්යග්‍රහණය: සඳ විසින් සූර්යයා වසා ගන්නා අයුරු (Solar Eclipse) යානයේ සිටින නියමුවන්ට දිස්වන අතර, ඔවුන් විශේෂ කණ්ණාඩි භාවිතා කරමින් සූර්ය කොරෝනාව නිරීක්ෂණය කරනු ඇත.
- ඡායාරූප: නියමුවන් විසින් මෙතෙක් මිනිස් ඇසකට හසු නොවූ සඳේ නොපෙනෙන පැත්තේ අධි-විභේදන ඡායාරූප ලබා ගැනීමට නියමිතය.
3. මෙහෙයුමේ අවදානම සහ අරමුණ
මෙම මෙහෙයුම 2022 වසරේ සිදුකළ ආටෙමිස් I මෙහෙයුමට වඩා අවදානම් සහගත වන්නේ මෙහි මිනිසුන් රැඳී සිටින බැවිනි.
- ජීව ආධාරක පද්ධති: යානයේ වැසිකිළි පද්ධතියේ යම් දෝෂයක් දැනටමත් වාර්තා වී ඇති අතර, නියමුවන් හදිසි ක්‍රමවේද (CCU) භාවිතා කරමින් සිටින බව වාර්තා වේ.
- ආපසු පැමිණීම: සඳ වටා ගමන් කර යූ-ටර්න් (U-turn) එකක් ගසා නැවත පෘථිවිය බලා එන මෙම යානය දින 10ක ගමනකින් පසු පැසිෆික් සාගරයට පතිත කිරීමට නියමිතය.
