එල්-නිනෝ කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමෙන් ජල ටැංකි පරිත්‍යාගයක්!
කොළඹ, ශ්‍රී ලංකාව —
එල්-නිනෝ (El Niño) කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට පීඩාවට පත් ජනතාවට ජලය රැස් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ‘යුනිලීවර් දියවර සහාය’ ව්‍යාපෘතිය හරහා ජල ටැංකි පරිත්‍යාග කිරීමක් සිදු කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ පිරිනමනු ලබන ජල ටැංකි සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
පළමු අදියර යටතේ ජල ටැංකි බෙදා හැරීම
මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ ජල ටැංකි 200ක් බෙදා දීමට නියමිත අතර, මොනරාගල, පොළොන්නරුව, ගාල්ල, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල එල්-නිනෝ බලපෑමෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අදාළ ජල ටැංකි බෙදා හැරීම සිදු කෙරේ.
මෙම ජල ටැංකි තොගය යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සමකාලීන නිෂ්පාදන සහ අපනයන අංශ ප්‍රධානී හේෂාන් සාලින්ද බ්රැන්ඩියගම්පල මහතා විසින් සංකේතාත්මකව ජනාධිපති ලේකම්වරයා වෙත භාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්.පී.සී. සුගීෂ්වර, එහි අතිරේක අධ්යක්ෂ ජෙනරාල් කපිල සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එසේම, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් තිළිණ රුද්‍රිගෝ, කෞෂිකා වර්ණසූරිය සහ කසුන් විජේවික්‍රම යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
