ත්‍රිරෝද රථ ධාවන වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමක් පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත- නලින්ද ජයතිස්ස මහතා පවසයි!

Screenshot 2026-08-26 at 1.50.03 PM

කොළඹ, ශ්‍රී ලංකාව —

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු අවසන් තීරණයකට පැමිණ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අදාළ කාරණය සම්බන්ධයෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් මීට පෙර සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සහ අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය

මීට පෙර අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කර තිබුණේ, පාසල් අධ්‍යාපනය අතරමඟ හැරෙන හෝ උසස් පෙළින් පසු පාසල් අධ්‍යාපනය අවසන් කරන තරුණ පිරිස් වෘත්තීය පුහුණුවකට යොමු කිරීමේ අරමුණින් සහ පාසැල් ගිය වමන්ම ත්‍රිරෝද රථ රැකියාවලට යොමුවීම පාලනය කිරීම සඳහා ඉදිරියේදී ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, පාසල් අධ්‍යාපනයෙන් පසු තරුණ තරුණියන්ට විවිධ වෘත්තීය පුහුණු ලබා දීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් සහ ආයතනවලින් විවිධ යෝජනා ලැබී ඇති බවත්, ඒ අතරින් සමහර යෝජනා ක්‍රියාත්මක වුවද ත්‍රිරෝද රථ පැදවීමේ වයස් සීමාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල සහ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

You may have missed