ශ්‍රී ලංකාවේ ඩෙංගු ව්‍යාප්තියේ නව අවදානමක්: රෝගය වැළඳෙන දරුවන්ට පසුකාලීන සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවක්

Screenshot 2026-07-04 at 12.51.16 PM

සෞඛ්‍ය වාර්තාව

2026 ජූලි 04 (කොළඹ) — ශ්‍රී ලංකාව තුළ මේ දිනවල දරුවන් අතර ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ, ඩෙංගු වැළඳෙන දරුවන්ට පසුකාලීනව මොළයට, හෘද වස්තුවට සහ මාංශ පේශිවලට බලපෑම් එල්ල විය හැකි බරපතළ සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි.

අවදානම් සහගත තත්ත්වයන් සහ රෝග ලක්ෂණ: වෛද්‍යවරයා පැහැදිලි කරන පරිදි, සාමාන්‍යයෙන් ඩෙංගු වැළඳී දින හතක් අටක් ගතවන විට දරුවා සුවපත් වීමේ ලක්ෂණ පෙන්විය යුතුය. එසේ නොමැතිව දිගින් දිගටම උණ පවතී නම් සහ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයේ දියුණුවක් නොපෙනේ නම්, එය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන ‘HLH’ නමැති උණතාවය විය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. මෙවැනි අවස්ථාවලදී වහාම වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ.

සෞඛ්‍ය අංශවල උපදෙස්:

  • මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම: සවස් කාලයේ පස්වරු 5.00 සිට 7.00 දක්වා කාලය තුළ නිවසේ ජනේල වසා තැබීම සහ දරුවන්ට අත් දිග කමිස සහ කලිසම් ඇන්දවීම මගින් මදුරුවන් දෂ්ට කිරීම අවම කරගත හැකිය.
  • මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම: නිවස සහ අවට පරිසරය මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
  • ප්‍රතිකාර: ඩෙංගු මාරාන්තික රෝගයක් බැවින්, උණ පවතින දරුවන්ට නිසි විවේකය ලබා දීම සහ දියර වර්ග බහුලව පානය කිරීමට ලබා දීම වැදගත් වේ. රුධිර පට්ටිකා මට්ටම අඩුවීමක් දක්නට ලැබේ නම් වහාම රෝහල්ගත විය යුතුය.

ජාතික සංඛ්‍යාලේඛන: ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරන පරිදි, මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 57,668 දෙනෙකු වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. දිනකට පමණ රෝගීන් 1,200ක් පමණ අලුතින් හඳුනාගෙන ඇති බවත්, මර්ධන වැඩසටහන් රටපුරා ක්‍රියාත්මක බවත් එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.