හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට: යෝෂිතගේ බඳවා ගැනීම ගැන චෝදනා

Screenshot 2026-07-04 at 12.46.39 PM

අධිකරණ වාර්තාව

2026 ජූලි 04 (කොළඹ) — හිටපු නාවික හමුදාපති, ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (03) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාව නාවික හමුදාවට බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් නොසලකා හැරීම සහ ක්‍රියාපටිපාටියෙන් පරිබාහිරව කටයුතු කිරීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

අධිකරණයේදී අනාවරණය වූ කරුණු:

  • සුදුසුකම් වෙනස් කිරීමේ චෝදනාව: අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කළේ, 2006 වසරේදී යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීමේදී අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම් පවා ඔහු සතු නොවූ බවයි. එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ මහතා, යෝෂිත රාජපක්ෂ මහතා බඳවා ගැනීමට හැකි වන පරිදි බඳවා ගැනීමේ නිර්ණායක දෙවරක්ම වෙනස් කර ඇති බව කොමිෂන් සභාව පෙන්වා දුන්නේය.
  • පුහුණු පාඨමාලාව: නාවික හමුදාවට බඳවා ගැනීමේ නිසි ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින්, සිවිල් පුරවැසියෙකු ලෙස සිටි යෝෂිත රාජපක්ෂ මහතාව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා යොමු කිරීමට වසන්ත කරන්නාගොඩ මහතා කටයුතු කර ඇති බව ද චෝදනා එල්ල වේ.

අධිකරණ නියෝගය: කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමට නියෝග කෙරිණි. එසේම සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවූ මහෙස්ත්‍රාත්වරයා, නඩුව නැවත අගෝස්තු 04 වන දින කැඳවීමට නියම කළේය.