20 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා සිටි වත්මන් ජනාධිපතිවරයා 22 වැනි සංශෝධනයට එය අකැප ඇයි දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි!
මාතලේ සහ කොළඹ, ශ්‍රී ලංකාව —
අතීතයේදී විපක්ෂයේ සිටියදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක් පවත්වන ලෙස බල කළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද වන විට 22 වන සංශෝධනය සඳහා එවැනි ජනමත විචාරණයක් අවශ්‍ය නැතැයි ප්‍රකාශ කිරීම ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ මාතලේ රත්තොට ප්‍රදේශයේ පැවති ජනතා සමුළුවකට එක්වෙමිනි.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්රේ ෆ්‍රාන්ෂේ මහතා සමඟ කොළඹදී පැවති විශේෂ සාකච්ඡාවකදීද අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙරට අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් එල්ල වන බවයි. පක්ෂ දේශපාලනයෙන් සහ පෞද්ගලික අරමුණුවලින් සම්පූර්ණයෙන්ම බැහැර වී ප්රජාතන්ත්රවාදයට හිතකර ස්ථාවරයක පිහිටා තමන් කටයුතු කරන බව ඔහු එහිදී සඳහන් කළේය. රට තුළ දෛනිකව සිදුවන වෙඩි තැබීම් සහ අපරාධ හේතුවෙන් නීතියේ ආධිපත්‍යය දැනටමත් අවම වී ඇති පසුබිමක, මෙම 22 වන සංශෝධනය හරහා එම නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම නැත්තටම නැීී යනු ඇති බවට විපක්ෂ නායකවරයා දැඩි අවදානමක් පෙන්වා දුන්නේය.
