ශ්‍රී ලංකාවේ සියලුම සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරයි: එසේ නොකරන අයිතිකරුවන්ට රුපියල් 2,000ක දඩයක්!

dogs-1-rf-gty-bb-240314_1710421693379_hpMain

ශ්‍රී ලංකාව තුළ හැදී වැඩෙන සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. සුනඛයින් ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීම, මෙරට තුළ සුනඛ ගහනය පාලනය කිරීම මෙන්ම වාණිජ අරමුණු සඳහා සුනඛයින් අභිජනනය කිරීම නිසි ලෙස නියාමනය කිරීම මෙම නව පනත් කෙටුම්පතේ මූලික අරමුණ වී ඇති බව සුජිත් හේවා ජුලිගේ මහතා වාර්තා කරයි.

මෙම නව නීතිමය ප්‍රතිපාදනවලට අනුව, සති 06කට වැඩි වයසැති ඕනෑම සුනඛයෙකුගේ අයිතිකරු හෝ එවැනි සුනඛයෙකු තමන් භාරයේ තබාගෙන සිටින ඕනෑම පුද්ගලයෙකු, එම සතා ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කරවා වාර්ෂිකව අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත් දැඩි දඩ මුදල්වලට මුහුණ දීමට සිදු වේ. ඒ අනුව, නිසි පරිදි ලියාපදිංචි කිරීම සිදු නොකරන පුද්ගලයින්ට අදාළ ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බව පනත් කෙටුම්පතේ පැහැදිලිව සඳහන් කර තිබේ.

You may have missed