හෙළයේ අග්‍රගණ්‍ය ගායනවේදිනී ආචාර්ය නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ කැළණි නදියේ පාකරයි!
හෙළයේ අග්‍රගණ්‍ය ගායනවේදිනියක වූ අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ කැළණි නදියේ පාව කර තිබේ. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මේ බව තහවුරු කළේය. තමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර කිසිදු අයුරකින් ස්මාරක ඉදි නොකරන ලෙස නන්දා මාලිනිය ජීවත්ව සිටියදී කළ ප්‍රධාන ඉල්ලීමට අනුව, ඇයගේ අවසන් කැමැත්ත පරිදි මෙම කටයුතු සිදු කර ඇත.
ඒ අනුව, නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ ඇයගේ ඥාතීන් විසින් ඉකුත් සෙනසුරාදා (12) උදෑසන කල්‍යාණි නදියට මුදා හළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කළේය. දශක හතක් පුරා ලාංකේය ජන මනස බුද්ධියෙන් හා සංගීතයෙන් පුබුදුවාලමින් අමරණීය ගී ගැයූ නන්දා මාලිනිය අභාවප්‍රාප්ත වූයේ කිසිදු අවමංගල්‍ය උත්සවයක් හෝ ගුණ කථන පවත්වන්න එපා යැයි සිය අවසන් කැමැත්තේ පැහැදිලිව සටහන් කර තබමිනි.
