ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරයේදී විශේෂ වාර්තාවක් ඉදිරිපත් කෙරේ!

MediaFile_20260907_163113_324

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අභිනුම් ලෙස ආරම්භ වී ඇති අතර, එළැඹෙන ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා මෙම සැසිවාරය පැවැත්වීමට නියමිතය. මෙම සැසිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ විශේෂ දේශනයකින් ආරම්භ වූ අතර, එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් යළිත් වරක් ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානය යොමුව තිබේ.

මහ කොමසාරිස්වරයා විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද මෙම මූලික වාර්තාව මඟින් වත්මන් රජය බලයට පත්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ වගවීම තහවුරු කිරීම වැනි දැවැන්ත වෙනස්කම් රැසක් සිදුකිරීමේ පොරොන්දුව මත බව පෙන්වා දී ඇත. එබැවින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා වහාම අත්හිටුවීමේ කාල සීමාවක් පනවා එය ඉක්මනින් අහෝසි කර නව නීතියක් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය දැඩිව නිර්දේශ කර තිබේ. මීට අමතරව, උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදාව භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම, තවදුරටත් ඉඩම් පවරා ගැනීම් නැවැත්වීම මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා පමුණුවන මාර්ගගත සුරක්ෂිතතා පනත, ICCPR පනත සහ යෝජිත එන්ජීඕ පනත සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම ද මෙම වාර්තාවේ විශේෂ නිර්දේශ අතරට ඇතුළත් කර ඇත.

You may have missed