ඕරන්ගා තමාරිකි (Oranga Tamariki) යෞවන යුක්ති මධ්‍යස්ථානයේදී තරුණයෙකුට පහර දීමේ සිදුවීමක්: පහරකෑමේදී කාර්ය මණ්ඩලයත් අසල සිට ඇති බව තහවුරු කරයි!
කොරෝවායි මනාකි (Korowai Manaaki) යෞවන යුක්ති නිවාසයෙන් මුදා හරින ලද තරුණයෙකුට අනෙකුත් නව යොවුන් වියේ පසුවන්නන් විසින් ‘walking the line’ නම් චාරිත්‍රානුකූල ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේදී, එහි සේවක මණ්ඩලයද අසල සිට ඇති බව ඕරන්ගා තමාරිකි (Oranga Tamariki – OT) ආයතනය තහවුරු කර තිබේ.
පසුගිය මාර්තුවේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, එහිදී පිටව යන තරුණයා දෙපස පෝලිමේ සිටි තරුණයින් විසින් අතින් පහර දී තල්ලු කර ඇති බව නිල ලේඛන මඟින් අනාවරණය විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වා ඇති අතර, සම්බන්ධ වූ කිසිදු පාර්ශ්වයකින් අපරාධමය වරදක් සිදුවී ඇති බවට සාක්ෂි හමු නොවූ බැවින් පොලිස් පරීක්ෂණ අවසන් කර ඇත. කෙසේ වෙතත්, පහරකෑම සිදුවන අවස්ථාවේදී සේවකයින් එය වැළැක්වීමට කටයුතු නොකළේ මන්ද යන්න පිළිබඳව සහ සේවකයින්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අභ්‍යන්තර සේවා පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අංශයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක ඩීන් වින්ටර් (Dean Winter) සඳහන් කර ඇත.
