නවසීලන්ත දේපළ වෙළඳපොළේ මන්දගාමී තත්ත්වයක්: ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් වාර්තාගත අවම මට්ටමකට!

0311_637908346464545528

නවසීලන්ත රියල් එස්ටේට් ආයතනයේ (REINZ) නවතම දත්තවලට අනුව, පසුගිය අගෝස්තු මාසයේදී ඕක්ලන්ඩ් (Auckland) සහ වෙලින්ටන් (Wellington) යන ප්‍රධාන නගර දෙකෙහි දේපළ අලෙවි වීමට ගතවන කාලය ඉතිරි කාලසීමාවන් හා සසඳන විට වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, වෙලින්ටන් නගරය මෙතෙක් වාර්තා වූ අඩුම අගෝස්තු මාසික නිවාස අලෙවි වාරික සංඛ්‍යාව වාර්තා කර තිබේ.

රට පුරා දේපළ අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව 13%කින් පහත වැටී ඇති අතර, අගෝස්තු මාසයේදී අලෙවි වී ඇත්තේ නිවාස 5,430ක් පමණි. එය පසුගිය වසර 35 ඇතුළත වාර්තා වූ සුවිශේෂී අඩු අගෝස්තු අලෙවි අගයකි. ඕක්ලන්ඩ් හි නිවසක් අලෙවි වීමට දින 54ක් ගත වී ඇති අතර (වසර 10ක සාමාන්‍යය දින 43කි), වෙලින්ටන් හි එය දින 60ක් දක්වා ඉහළ ගොස් තිබේ (වසර 10ක සාමාන්‍යය දින 41කි). කෙසේ වෙතත්, උතුරු දූපතේ මෙම මන්දගාමී තත්ත්වය දක්නට ලැබුණද, දකුණු දූපතේ (විශේෂයෙන් සවුත්ලන්ඩ් සහ කැන්ටබරි හි) දේපළ වෙළඳපොළ තරමක් සක්‍රීය මට්ටමක පවතින බව REINZ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලිසි රයිලි (Lizzy Ryley) පෙන්වා දෙයි. ගෘහස්ථ වියදම්, රැකියා සුරක්ෂිතතාව සහ එළඹෙන මහ මැතිවරණය හේතුවෙන් ගැනුම්කරුවන් ප්‍රවේශම් සහගත ‘ඉවසා බලා සිටීමේ’ (Wait and see) ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

You may have missed