ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව දිනූ ආසියානු කුසලානය ආසියානු ක්‍රිකට් සභාපතිවරයාගෙන් ලබාගැනීම ඉන්දීය කාන්තා කණ්ඩායම ප්‍රතික්ෂේප කරයි!

MediaFile_20260914_073505_218

ඩුබායිහිදී පැවැති කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජය කරමින් සිය 8 වැනි වරටත් ආසියානු ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. එහෙත්, ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි අතින් ජයග්‍රාහී කුසලානය ලබාගැනීම ඉන්දීය ක්‍රීඩිකාවන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

මෙම තරගයේදී පළමුව පන්දුවට පහදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් ලබාගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණි. තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වෙත අනුශූරතා චෙක්පත ලබාදීම මොහ්සින් නක්වි අතින් සිදු කෙරුණද, ඉන්දීය කණ්ඩායම කුසලානය ලබාගැනීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් සජීවී විකාශයද අතරමග නවත්වා දමනු ලැබීය. පසුගිය වසරේ පැවති පිරිමි ආසියානු කුසලාන තරගාවලියේදීද ඉන්දීය පිරිමි කණ්ඩායම මේ ආකාරයෙන්ම මොහ්සින් නක්විගෙන් කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කළ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයකට අනුව මෙවර කාන්තා කණ්ඩායමද එම ස්ථාවරයම තවදුරටත් ආරක්ෂා කරමින් කුසලානයකින් තොරව ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

You may have missed