මවුන්ට් ඇල්බට් වෛද්‍ය මධ්‍යස්ථානය අසල මියගිය පුද්ගලයාට උදව් කිරීම ප්‍රතික්ෂේප කළ බවට එල්ල වූ චෝදනාවට වෛද්‍යවරයාගෙන් ප්‍රතිචාර: තමන් ඒ වන විටත් සිදුවීම පිළිබඳව දැනුවත්ව නොසිටි බව පවසයි!

SHFIRSCTVRDB5HKNLIY4QJJ3MM

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ මවුන්ට් ඇල්බට් (Mt Albert) වෛද්‍ය මධ්‍යස්ථානයට මීටර් කිහිපයක් දුරින් පිහිටි පදික වේදිකාව මත ඇවිදගොස් සිටියදී මියගිය පුද්ගලයෙකුට වෛද්‍ය ආධාර ලබාදීමට සහ හදිසි උපකරණ (Defibrillator) ලබාදීමට මධ්‍යස්ථානයෙන් ප්‍රතික්ෂේප කර ඇති බවට ජනතාවගෙන් දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ එකම වෛද්‍යවරයා වන වෛද්‍ය කිරන් පටෙල් (Dr Kiran Patel) ප්‍රකාශ කර ඇත්තේ, එම හදිසි අනතුර සිදුවන අවස්ථාවේදී තමන් සහ හෙදිය වෙනත් රෝගියෙකුට ප්‍රතිකාර කරමින් සිටි බැවින් කිසිවක් නොදැන සිටි බවයි.

පසුගිය බ්‍රස්පතින්දා සවස නිව් නෝර්ත් පාරේ (New North Rd) මෙම අනපේක්ෂිත මරණය සිදුව ඇති අතර, රෝගියා බේරා ගැනීමට උත්සාහ කළ ලියෝනි මැකින්රෝ (Leoni Mcinroe) ඇතුළු පිරිසක් පවසා ඇත්තේ උදව් ඉල්ලා වෛද්‍ය මධ්‍යස්ථානයට ගියද, රෝගියා ඔවුන්ගේ ලියාපදිංචි රෝගියෙකු නොවන බව පවසමින් රිසෙප්ෂන් කාර්ය මණ්ඩලය උදව් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය පටෙල් කියා සිටියේ, සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීමට අදාළ බලධාරීන් සමඟ පූර්ණ විමර්ශනයක් සිදු කරමින් පවතින බවත්, බාහිරින් සිදු වූ ඉල්ලීම සම්බන්ධයෙන් යම් වරදවා වටහාගැනීමක් (Misunderstanding) සිදුවී ඇති බව විශ්වාස කරන බවත්ය. හදිසි අවස්ථාවකදී සැමවිටම ජනතාවට සහයෝගය දැක්වීමට තම ආයතනය සූදානම් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

You may have missed