ආශු මාරසිංහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවේ – පක්ෂයෙන් නිල නිවේදනයක්!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – දේශපාලන විශේෂ වාර්තාව
2026 ජූනි 18 (කොළඹ) — ආශු මාරසිංහ මහතා විසින් සිදුකරන ප්‍රකාශයන්ගෙන් එක්සත් ජාතික පක්ෂයේ (UNP) මතය කිසිසේත්ම නිරූපණය නොවන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ආශු මාරසිංහ මහතා දැනට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවන බවයි.
තම පක්ෂයේ ප්‍රතිපත්ති සහ මතවාදයන් පිළිබඳ නිල ප්‍රකාශයන් සිදුකිරීමට බලය ඇත්තේ පක්ෂයේ බලයලත් ප්‍රකාශකයින්ට පමණක් බවත්, පක්ෂයේ සාමාජිකත්වය නොදරන පුද්ගලයින් සිදුකරන ප්‍රකාශයන් පක්ෂයේ මතය ලෙස නොසලකන ලෙසත් පක්ෂය ජනතාවගෙන් සහ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.
