අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර, වේගයෙන් රිය පැදවූ මවකගේ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට — කුඩා දරුවා බේරෙයි!
ක්‍රයිස්ට්චර්ච්, නිව්සීලන්තය —
නිව්සීලන්තයේ ඇම්බර්ලි (Amberley) දකුණින් 1 වන ප්‍රාන්ත මහාමාර්ගයේදී සිදුවූ දරුණු මුහුණට මුහුණ ගැටීමේ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මරණ පරීක්ෂක මේරි-ඇන් බෝරෝඩේල් (Mary-Ann Borrowdale) විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, බලපත්‍රයක් නොමැතිව, මත්ද්‍රව්‍යවල බලපෑම යටතේ සහ අධික වේගයෙන් තම කුඩා දරුවාද රථයේ රඳවාගෙන ගමන් කළ 33 හැවිරිදි මවක් මෙම අනතුර සිදු කර ඇත.
පැයට කිලෝමීටර් 117ක වේගයෙන් රිය ධාවනය කරමින් සිටියදී ඇය පාලනය කරගත නොහැකිව මධ්‍ය රේඛාව හරහා පැමිණ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බ්‍රයන් කර් (Bryan Kerr – 51) මහතාගේ රථයේ ගැටී ඇත. මෙම අනතුරින් දෙදෙනාම එම ස්ථානයේදීම මියගිය අතර, මියගිය මවගේ මෝටර් රථයේ සිටි මාස 7ක බිළිඳා සුළු තුවාල සහිතව ජීවිතය බේරාගෙන ඇත. මියගිය මවගේ රුධිරයේ මෙතැම්පෙටමින් මත්ද්‍රව්‍ය මට්ටම සාමාන්‍ය මට්ටම මෙන් පස් ගුණයක් ඉක්මවා තිබූ බවත්, ඇය දැඩි මානසික ආතතියකින් සහ බියකින් පසු වී ඇති බවත් මරණ පරීක්ෂකවරයා තහවුරු කර තිබේ.
