බරපතළ සමාජ ව්‍යසනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා සහාය ලබා දෙන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි!
බේරුවල, ශ්‍රී ලංකාව —
දිවයින පුරා අද වන විට බරපතළ මට්ටමේ සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කර දැමීම සඳහා සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි අවධාරණය කර සිටියි. කාදිනල් හිමි මෙම විශේෂ ඉල්ලීම සිදු කළේ බේරුවල බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි ශුද්ධ වූ ලාසරස් මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති විශේෂ උත්සවයකට එක්වෙමින් අදහස් දැක්මිනි. රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර මත් උවදුරට ගොදුරු වෙමින් විනාශ වී යාම වැළැක්වීම සඳහා ජාතියක් ලෙස සියලු දෙනා එකමුතුව ක්‍රියා කළ යුතු කාලය එළඹ තිබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
විශේෂයෙන්ම මුහුදු මාර්ග ඔස්සේ සිදුවන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඇතැම් අවස්ථාවලදී ධීවර යාත්‍රා සහ ධීවර ප්‍රජාවගේ පහසුකම් අයුතු ලෙස යොදා ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇති බව කාදිනල් හිමි පෙන්වා දුන්නේය. එබැවින්, කිසිදු හේතුවක් නිසා මෙවැනි විනාශකාරී සහ නීති විරෝධී ජාවාරම් කටයුතු සඳහා දායක වීමෙන් හෝ සහයෝගය දැක්වීමෙන් වැළකී සිටින ලෙස උන්වහන්සේ ධීවර ප්‍රජාවගෙන් දැඩි ලෙස ඉල්ා සිටියහ. රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාලයන්ගෙන් රට මුදා ගැනීමට ආරක්ෂක අංශ සමඟ එක්ව කටයුතු කරන ලෙසත්, රටේ සදාචාරය හා ප්‍රජා වගකීම තහවුරු කිරීම සඳහා ධීවර ප්‍රජාව පෙරමුණ ගන්නා ලෙසත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි වැඩිදුරටත් කියා සිටියේය.
