ෆෝක්ලන්ඩ් දූපත්වල අයිතියට ආර්ජන්ටිනාව හා එංගලන්තය ගැටෙයි?
බුවනෝස් අයිරස්, ආර්ජන්ටිනාව —
දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති ෆෝක්ලන්ඩ් දූපත් සම්පූර්ණයෙන්ම ආර්ජන්ටිනාවට අයත් බව පවසමින් එරට ජනාධිපතිවරයා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්ත් සමඟ ආර්ජන්ටිනාව සහ එංගලන්තය අතර යළිත් වරක් උණුසුම් තත්ත්වයක් මතුව තිබේ. ෆෝක්ලන්ඩ් දූපත් ආසන්නයේ තෙල් ගවේෂණ කටයුතුවල නිරත වීමට සූදානම් වන ඕනෑම විදෙස් සමාගමකට දැඩි සම්බාධක පනවන බවටද ආර්ජන්ටිනා ජනාධිපතිවරයා මෙහිදී අනතුරු අඟවා ඇත.
ෆෝක්ලන්ඩ් දූපත් යනු වර්තමානයේ එංගලන්තයට අයත් විදේශ ප්‍රදේශයක් වන අතර, ඒවාට යම් ස්වයං පාලන බලයක්ද හිමිවී තිබේ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය තුළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ, මෑතකදී පැවති ඉරාන යුද්ධයේදී බ්‍රිතාන්‍ය විසින් අමෙරිකාවට අවශ්‍ය සහාය ලබා නොදීම හේතුවෙන් ෆෝක්ලන්ඩ් දූපත් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට ඉදිරියේදීත් අඛණ්ඩව සහාය දක්වන්නේද යන්න තවදුරටත් සලකා බලමින් සිටින බවයි. ආර්ජන්ටිනා ජනාධිපතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පවතින සමීප දේශපාලන මිත්‍රත්වය හමුවේ මෙම තත්ත්වය ජාත්‍යන්තර දේශපාලනය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. දකුණු අමෙරිකානු මහද්වීපයට නැගෙනහිරින් පිහිටි මෙම ෆෝක්ලන්ඩ් දූපත්, නැගෙනහිර ෆෝක්ලන්ඩ් සහ බටහිර ෆෝක්ලන්ඩ් යන ප්‍රධාන දූපත් දෙකකින් සහ තවත් කුඩා දූපත් 740කට අධික ප්‍රමාණයකින් සමන්විත ස්වභාවික සම්පත්වලින් අනූන ප්‍රදේශයකි.
