පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි!
කොළඹ, ශ්‍රී ලංකාව —
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කර ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දී ඇත්තේ, මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන අරමුණු පවතින බවයි.
විශේෂයෙන්ම මෙම මස 12 වැනි දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා ජනතා රැලිය කඩාකප්පල් කිරීමේ පරමාර්ථයෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට වටා සංචාරය කරමින් ජන රැස්වීම් පැවැත්වීමට කෙසේ නම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇද්ද, එම අයිතියම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ද හිමි විය යුතු බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ පිළිගත යුතු යථාර්ථයක් බවත් එම නිවේදනයේ දැක්වේ.
