රටවල් හා ප්‍රදේශ 192ක් ආවරණය කරමින් චීන අන්තර් දේශසීමා ගනුදෙනු ව්‍යාප්ත කෙරේ!

MediaFile_20260828_042700_910

බීජිං, චීනය —

චීන මහ බැංකුව වන චීන මහජන බැංකුව නිකුත් කළ නවතම දත්තයන්ට අනුව, දැනට චීන අන්තර් දේශසීමා සඳහා භාවිත කෙරෙන චීන මුදල් (RMB) ගනුදෙනු පද්ධතිය ලොව පුරා රටවල් හා ප්‍රදේශ 192ක් ආවරණය කිරීමට සමත්ව ඇත.

ඉදිරියේදී මෙම ගනුදෙනු පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් වේගවත් ගනුදෙනු පද්ධතියක් ගොඩනැගීම හා එහි ප්‍රවර්ධන කටයුතු කඩිනම් කරමින් සිටින බවත්, අන්තර් දේශසීමා ගනුදෙනු සඳහා QR කේතය භාවිත කරමින් අන්‍යෝන්‍ය සම්බන්ධතාව පවත්වා ගැනීමට චීනය අඛණ්ඩව කටයුතු කරන බවත් එරට බලධාරීහු පවසති.

ගනුදෙනු පද්ධතියේ ව්‍යාප්තිය සහ නව සංවර්ධන කටයුතු

  • මූල්‍ය ආයතනවල දායකත්වය: මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන මහජන බැංකුවේ නියෝජ්‍ය අධිපති Lu Lei මහතා සඳහන් කළේ, මෙම වසරේ ජූනි මස අගදී චීන අන්තර් දේශසීමා RMB ගනුදෙනු පද්ධතියට සෘජුවම සහ වක්‍රව එක්වූ මූල්‍ය ආයතන සංඛ්‍යාව පිළිවෙළින් 210ක් සහ 1619ක් බවයි.
  • ගෝලීය ආවරණය: ඒ අනුව අදාළ ගනුදෙනු මූල්‍ය ආයතන 5,200කට වැඩි ප්‍රමාණයක් හරහා ලොව පුරා රටවල් හා ප්‍රදේශ 192ක් තුළ සිදු කළ හැකි බවත්, එමඟින් චීන අන්තර් දේශසීමා RMB ගනුදෙනු හැකියාව තවදුරටත් තහවුරු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
  • සේවා කාලය දීර්ඝ කිරීම: මූල්‍ය ගනුදෙනු මෙහෙයුම් වඩාත් පහසු කිරීම සඳහා, විශාල ප්‍රමාණයේ මූල්‍ය ගනුදෙනු සඳහා වන චීන අන්තර් දේශසීමා RMB ගනුදෙනු පද්ධතියේ සේවා කාලය, සෑම නීත්‍යනුකූල රාජකාරි දිනකම පැවති පැය 21ක කාලයේ සිට පැය 22.5ක් දක්වා දීර්ඝ කර තිබේ. මීට අමතරව, සති අන්තයේ හෝ නිවාඩු දින තුළ විශේෂ සේවා සැපයීමේ කාල සීමාව ද දෛනිකව පැය 12 සිට පැය 13.5 දක්වා දීර්ඝ කර ඇත.

මෙම නව පියවරයන් හරහා තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් ගෝලීය මූල්‍ය ගනුදෙනු සඳහා වන අන්තර්ජාල ක්‍රියාකාරීත්වය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට චීනය දැඩි උත්සාහයක නිරතව සිටී.

You may have missed