ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්ගෙන් වැදගත් පාඩමක්!

image_78613e4a08

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

වෙලින්ටන්, නිව්සීලන්තය — 2026 අගෝස්තු 17 —

යම් තීරණාත්මක කාරණයක් සම්බන්ධ ලියවිල්ලක “සුදුසු කටයුතු පිණිස” (For Necessary Action – FNA) යනුවෙන් සටහන් කර පහළ නිලධාරියෙකුට යවා වගකීමෙන් ගැලවීමට ඉහළ රාජ්‍ය නිලධාරීන්ට නොහැකි බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අවධාරණය කරයි.

කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවති, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය රචනා කළ “නිරිසන් නීති කතන්දර” කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

දීලීප පීරිස් මහතාගේ කතාවේ ප්‍රධාන කරුණු

  • “සුදුසු කටයුතු පිණිස” (FNA) සටහනේ වගකීම: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට නඩු පවරනු ලැබුවේ නීති විරෝධී ලෙස නොකර හැරීමකට අනුබල දීම යටතේය. එහිදී රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ලබා දුන් තොරතුරට හිටපු පොලිස්පතිවරයා “FNA” (සුදුසු කටයුතු පිණිස) යැයි සටහන් කර යැවීම පිළිබඳව අධිකරණයේදී කරුණු අනාවරණය විය. එබැවින්, තීරණාත්මක කාරණයක් සම්බන්ධයෙන් “FNA” යැයි සටහන් කර පහළ නිලධාරියෙකුට යවා වගකීමෙන් මිදිය නොහැකි බවත්, අනාගතයේදී රාජ්‍ය සේවකයන්ගේ වගකීම හා වගවීම මීට වඩා තීව්‍ර වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
  • දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන්: එෆ්.සී.අයි.ඩී (FCID) ආයතනය භාරව කටයුතු කරන තමන් වෙත පැමිණෙන බරපතළ මූල්‍ය දූෂණ ලිපිගොනු සහ විමර්ශනවලදී තීරණ ගෙන ඇත්තේ රාජ්‍ය නිලධාරීන් විසින් බව පෙනී ගොස් ඇති බවත්, කිසිදු දේශපාලනඥයෙක් තම සටහනක් එවැනි ලේඛනවල තැබීමට ප්‍රවේශම් වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
  • දේශපාලන නියෝග පිළිබඳව: රාජ්‍ය නිලධාරියෙකුට යම් නීති විරෝධී නියෝගයක් ලැබුණහොත්, එම නියෝගය ලබා දුන්නේ කාගෙන්ද යන්න ලිපි ලේඛනවල සටහන් කිරීමට කිසිදු පැකිලීමක් ඇති කර නොගන්නා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා රාජ්‍ය නිලධාරීන්ට දැඩිව අවධාරණය කළේය.
  • රජයේ නිලධාරීන්ට ඇති නීතිමය ආරක්ෂාව: රජයේ නිලධාරියෙකුට තම රාජකාරී වපසරියට සම්බන්ධ කාරණයක් නිසා අපරාධ චෝදනාවක් ගොනු කළ නොහැකි බව බොහෝ දෙනා නොදන්නා බවත්, එවැනි අවස්ථාවක අදාළ කටයුත්ත කර ඇත්තේ රාජකාරී පරිසරය තුළ නම් නීතිපතිවරයාගෙන් සහය ඉල්ලා සිටීමට හැකියාව පවතින බවත් ඔහු පැහැදිලි කළේය.

You may have missed