ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍රවල සෘජු ආයෝජන කිරීමට ඕස්ට්‍රේලියානු ආයෝජකයින්ගේ එකඟතාව!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
වෙලින්ටන්, නිව්සීලන්තය — 2026 අගෝස්තු 16 —
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් සහ ව්‍යවසායකයින් රැසක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන සිදු කිරීමට එකඟතාව පළ කර ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ලයිඩ් නෝර්ත් හිදී පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ වී තිබේ.
සාකච්ඡා කළ ප්‍රධාන ආයෝජන ක්ෂේත්‍ර
- තිරසාර බලශක්තිය සහ ප්‍රතිචක්‍රීකරණය: තිරසාර බලශක්ති විසඳුම් සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ තිරසාර ප්‍රතිප්‍රචක්‍රීකරණ ක්‍රියාවලීන් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇත.
- පශු සම්පත් සහ කිරි නිෂ්පාදන: දෙනුන් 2,000ක ධාරිතාවකින් යුත් මහා පරිමාණ වාණිජ කිරි ගොවිපළ ව්‍යාපෘතියක් සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නවීන පශු සම්පත් අභිජනන ව්‍යාපෘතියක් මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා හඳුන්වා දීමට සාකච්ඡා කෙරිණි.
- නව තාක්ෂණික සහ කර්මාන්ත ව්‍යාපෘති: කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඒකල කාර්මික ජනපදය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් ආශ්‍රිත මහා පරිමාණ ත්‍රිමාත්‍රිමාණ (3D) මුද්‍රණ තාක්ෂණය සහ උපාංග නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට නියමිතය.
- සංචාරක සහ ජලජීවී වගා ව්‍යාපෘති: ඒකාබද්ධ ජලජීවී වගා ව්‍යාපෘති, මාරවිල ප්‍රදේශයේ පරිසර හිතකාමී සංචාරක හෝටල් ව්‍යාපෘති, ආහාර සැකසුම් නිෂ්පාදන කර්මාන්ත සහ ‘FLEXIMAKE’ ආයතනය සම්බන්ධ වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද ආයෝජකයෝ එකඟතාව පළ කළහ.
