මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකු මරුට!
ශ්‍රී ලංකා පුවත්
2026 ජූලි 09 — මීගමුව බන්ධනාගාරයේ පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සමඟ එහි රඳවා සිටි ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එස්. උන්නි ක්‍රිෂ්ණන් නම් 73 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ මෙම මරණය සිදුව ඇති බව වාර්තා වුවද, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
