2029 දී රත්නපුරයට දුම්රිය සිහිනය සැබෑවේ: අවිස්සාවේල්ලේ සිට දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – ශ්‍රී ලංකා සංවර්ධන විශේෂ වාර්තාව
2026 ජූනි 18 (රත්නපුර) — දශක ගණනාවක් තිස්සේ ඇණහිට තිබූ කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට රත්නපුරය දක්වා දීර්ඝ කිරීමේ (රුවන්පුර දුම්රිය මාර්ග ව්‍යාපෘතිය) කටයුතු නිල වශයෙන් ආරම්භ වී තිබේ. 2029 වසර වන විට රත්නපුර නගරයට දුම්රිය සේවය ලබා දීම රජයේ ඉලක්කයයි.
ව්‍යාපෘතියේ ප්‍රගතිය
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ශාන්ත පද්මකුමාර මහතා ප්‍රකාශ කළේ, ව්‍යාපෘතියට අදාළ ශාක්‍යතා අධ්‍යයන කටයුතු මේ වන විටත් ආරම්භ කර මාසයක් ගතවී ඇති බවයි.
- සමාජ සමීක්ෂණය: දුම්රිය මාර්ගය ඔස්සේ පදිංචිව සිටින ජනතාව පිළිබඳ සමාජ සමීක්ෂණයක් ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතය.
- රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම: ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අදාළ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් මෑතකදී පවත්වා ඇත.
- වගකීම: මෙම ව්‍යාපෘතියේ ශාක්‍යතා අධ්‍යයන කටයුතු ‘Resource Development Constructions’ ආයතනය වෙත පවරා ඇති අතර, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති අධ්යක්ෂ නිමල් තක්කාවිට මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එහි අධීක්ෂණය සිදු කරයි.
ආර්ථික සහ ඓතිහාසික පසුබිම
මීට වසර 55කට පෙර අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා ගමන් කළ කැළණිවැලි දුම්රිය සේවය අත්හිටුවනු ලැබීය. එම මාර්ගයේ තිබූ පැරණි ගොඩනැගිලි සහ ඉඩම් මේ වන විට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කෙරේ.
- අයවැය ප්‍රතිපාදන: 2026 වසර සඳහා මෙම දුම්රිය මාර්ගයේ වැඩ ආරම්භ කිරීමට රුපියල් මිලියන 500ක මුදලක් අයවැයෙන් වෙන් කර තිබේ.
