හිටපු තානාපති නිලධාරී රංග රාජපක්ෂගේ මරණය සහ ඩොලර් මිලියන 2.5ක සිද්ධිය ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

Screenshot 2026-05-06 at 9.13.19 AM

විශේෂ දේශපාලන සහ අධිකරණ පුවත් විවරණය — දියත නිවුස් නිවුසීලන්තය (Diyatha News New Zealand)

2026 මැයි 06 — අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අහිමිවීමේ සිද්ධිය සහ හිටපු තානාපති නිලධාරී රංග රාජපක්ෂ මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවැති හදිසි විවාදයකදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ කරුණු කිහිපයක් අනාවරණය කළේය.

1. පැමිණිල්ල සිදුකළේ කවුද?

  • අදාළ ඩොලර් මිලියන 2.5ක මුදල අහිමිවීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ රංග රාජපක්ෂ මහතා බවට පළවූ වාර්තා අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.
  • සැබෑ ලෙසම එම පැමිණිල්ල සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය.

2. මරණය සම්බන්ධයෙන් පළවන ප්‍රකාශ සහ නීතිමය ක්‍රියාමාර්ග

  • රංග රාජපක්ෂ මහතාගේ මරණය සැකකටයුතු බවට ඔහුගේ බිරිඳ කළ බව කියන ප්‍රකාශ සහ මේ සම්බන්ධයෙන් දැනට පාර්ලිමේන්තුවේ නොමැති පුද්ගලයින් දෙදෙනෙකු මාධ්‍ය වෙත කළ ප්‍රකාශ පිළිබඳව අමාත්‍යවරයා අවධානය යොමු කළේය.
  • එම ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

3. ඥාතීන්ගේ තත්ත්වය

  • මාධ්‍ය හරහා පළවන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් රංග රාජපක්ෂ මහතාගේ ඥාතීන් දැඩි කම්පනයට පත්ව ඇති බවත්, එම ප්‍රකාශ පිළිබඳව ඔවුන්ට බරපතළ ප්‍රශ්නයක් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
  • රංග රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අවසන් වූ පසු, අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයින්ට එරෙහිව පැමිණිලි කිරීමට ඥාතීන් සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

You may have missed