ශ්‍රී ලංකාවේ රථවාහන අනතුරු ඉහළ යාම: රියැදුරන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට උපදෙස්

Screenshot 2026-06-28 at 9.29.54 AM

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ වාර්තාව

2026 ජූනි 28 (කොළඹ, ශ්‍රී ලංකාව) — ශ්‍රී ලංකාව තුළ මාර්ගවල අපරික්ෂාකාරී ලෙස රථවාහන පදවනු ලබන රියැදුරන්ට එරෙහිව ස්ථානීය දඩ පත්‍රිකා ලබාදීමකින් තොරව, සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සියලුම පොලිස් රථවාහන නිලධාරීන්ට උපදෙස් දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.

රිය අනතුරු පිළිබඳ සංඛ්‍යාලේඛන: මෙම වසරේ (2026) ජනවාරි මස 01 වැනිදා සිට ඊයේ (26) දිනය දක්වා ශ්‍රී ලංකාව තුළ මාරක රිය අනතුරු 1,292ක් වාර්තා වී ඇති අතර, ඉන් මියගිය සංඛ්‍යාව 1,357කි. එම කාලසීමාව තුළ බරපතළ තුවාල සිදු වූ අනතුරු 2,512ක් සහ සුළු අනතුරු 5,059ක් වාර්තා වී ඇත. මෙම අනතුරුවලින් පදිකයින් 467 දෙනෙකු සහ යතුරුපැදිකරුවන් 465 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රියැදුරන්ගේ අධික වේගය සහ නොසැලකිලිමත් ධාවන රටාවන් මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරයි.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ ප්‍රධාන බස් අනතුරු:

  • දියතලාව: කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අද (27) අලුයම දියතලාව දුම්රිය ස්ථානය අසලදී අඩි 20ක ප්‍රපාතයකට පෙරළීමෙන් 42 දෙනෙකු තුවාල ලබා ඇත. තිරිංග ක්‍රියාවිරහිත වීම අනතුරට හේතුව බව පොලිසිය සැක කරයි. බරපතළ තත්ත්වයේ පසු වූ එක් අයෙකු බදුල්ල රෝහලට මාරු කර යවා තිබේ.
  • මාතර: තලල්ල මාර්ගයේ වජිරවංශ මාවත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරිණි.