ශ්‍රී ලංකාවේ ජාතික පොසොන් පුණ්‍යෝත්සවය: තන්තිරිමලේ ආලෝක පූජාවට ජනපති එක්වෙයි

Screenshot 2026-06-30 at 10.00.11 AM

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – ශ්‍රී ලංකා ආගමික විශේෂ වාර්තාව

2026 ජූනි 29 (තන්තිරිමලේ, ශ්‍රී ලංකාව) — 2026 වසරේ ජාතික පොසොන් පුණ්‍යෝත්සවයට සමගාමීව තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන වාර්ෂික ආලෝක පූජාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) පස්වරුවේ සහභාගී විය.

ආගමික උත්සවයේ විශේෂාංග:

  • ජනාධිපතිවරයා තන්තිරිමලේ රජමහා විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව, විදුලි ආලෝකය දල්වමින් ආලෝක පූජාවේ ආරම්භය සනිටුහන් කරනු ලැබීය.
  • තන්තිරිමලේ රජමහා විහාරාධිපති සහ උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.
  • මීට සමගාමීව මල් පහන් පෙරහරක් සහ බොදු බැති ගී ප්‍රසංගයක්ද පවත්වා තිබේ.