නවසීලන්තයේ ඉන්ෆ්ලුඑන්සා (ෆ්ලූ) මරණ සංඛ්‍යාව ඉතිහාසයේ ඉහළම අගයක් ගැනීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක්!
මෙම වසරේ ඉන්ෆ්ලුඑන්සා හෙවත් සාමාන්‍ය උණ (ෆ්ලූ) රෝගය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඓතිහාසික වශයෙන් ඉහළම මට්ටමකට ළඟ වීමට ඉඩ ඇති බව වසංගත රෝග විද්‍යාඥ බේකර් (Michael Baker) අනතුරු අඟවා තිබේ. මේ දක්වා ලැබී ඇති දත්ත සහ රෝහල්ගත කිරීමේ ඉහළ අගයන් පෙන්වා දෙන්නේ මරණ සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් සිදුවිය හැකි බවයි. කෙසේ වෙතත්, වසර අවසන් වන තෙක් නිශ්චිත සංඛ්‍යාලේඛන තහවුරු කළ නොහැකි බව ඔහු සඳහන් කරයි.
සාමාන්‍යයෙන් ඉන්ෆ්ලුඑන්සා රෝගය නිසා වසරකට මරණ 500ක් පමණ සිදුවන බව ගණන් බැලුණද, මරණයට මුල් වූ ප්‍රධාන හේතුව ලෙස එය සැමවිටම සටහන් නොවන බැවින් එම නිවැරදි සංඛ්‍යාව ලබා ගැනීම සංකීර්ණ ක්‍රියාවලියකි. උදාහරණයක් ලෙස, යම් අයෙකු හෘදයාබාධයකින් මිය ගියද, ඔහුට ඉන්ෆ්ලුඑන්සා ආසාදනය නොවන්නට එම හෘදයාබාධය ඇති නොවන්නට ඉඩ තිබූ බව මයිකල් බේකර් පෙන්වා දෙයි. සෞඛ්‍ය උපකාරක අංක වෙත ලැබුණු ඇමතුම් සහ රෝහල්ගත කිරීම් දත්ත මත පදනම්ව මේ වසරේ උණ ව්‍යාප්තියේ දැඩි ස්වභාවය මනාව පැහැදිලි වේ. ඕක්ලන්ඩ්හි රෝහල්ගත කිරීම් පසුගිය වසර 10 තුළ ඉහළම මට්ටමේ පවතින අතර, දරුණු උග්‍ර ශ්වසන ආසාදන (SARI) හේතුවෙන් රෝහල්ගත වූ සංඛ්‍යාව පසුගිය වසරේ 4.3ක් වූ අතර මෙම වසරේ එය 100,000කට 9.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අවදානමට ලක්විය හැකි පාර්ශ්වයන් සඳහා මෙවර එන්නත නොමිලේ ලබා දීම මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට විශාල වශයෙන් උපකාරී වූ බව මයිකල් බේකර් සඳහන් කළේය. ඉදිරි කාලවලදී මෙවැනි වසංගත තත්ත්වයන් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් මහජන දැනුවත්කිරීම් වඩාත් පුළුල් ලෙස සිදු කළ යුතු බව ඔහු අවධාරණය කළ අතර, කෙසේ වෙතත් මේ වන විට සාමාන්‍ය ජනතාව අතර ෆ්ලූ රෝගය නිසා රෝහල්ගත වීමේ අනුපාතය පසුගිය සති දෙක තුළ ක්‍රමයෙන් පහළ යමින් පවතින බව වාර්තා වේ.
