තෙල්දෙණිය මෝටර් රථයේ කාන්තා මළ සිරුර: සැකකාර පෙම්වතා සහ පවුලේ අය යාපනයේදී අත්අඩංගුවට!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – අපරාධ විමර්ශන විශේෂ වාර්තාව
2026 ජූනි 24 (වෙලින්ටන්, නවසීලන්තය) — තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී හමුවූ 34 හැවිරිදි භෞත චිකිත්සකවරියකගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබූ ඇයගේ පෙම්වතා සහ ඔහුගේ බිරිඳ යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින්, ඊයේ (23) වැල්ලවත්තේ සිට යාපනයේ චාවකච්චේරිය දක්වා ගමන් කළ බස් රථයකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රධාන සැකකරු මුව ආවරණයකින් සැරසී සිට ඇති අතර, ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වලාගෙන සිට ඇත.
සැකකරුවන් මීට පෙර මීගමුව සහ හලාවත ප්‍රදේශවල සැරිසරමින් මුහුදු මාර්ගයෙන් විදේශගත වීමට උත්සාහ දරා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ, තමන් වව්නියාවේ සිට කුරුණෑගලට ගොස් තම අනෙක් දරුවන් දෙදෙනාද භාරගෙන පසුව පොලිසියට භාරවීමට සැලසුම් කර තිබූ බවයි.
සිද්ධියේ පසුබිම
මියගොස් ඇත්තේ අම්පාර මහ රෝහලේ සේවය කළ ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියකි. සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනවලදී හෙළි වූ කරුණු:
- පැහැර ගැනීම: සැකකරු (ගන්නෝරුවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු) පසුගිය 16 වනදා රාත්‍රී නුවරඑළියේ පිහිටි නිවසකට ගොස් සිහිසුන්ව සිටි තරුණියව ඔසවාගෙන ගොස් මෝටර් රථයක දමාගෙන පලා ගොස් ඇති බව සීසීටීවී දර්ශනවලින් සනාථ විය.
- මළ සිරුර හමුවීම: පසුගිය 17 වනදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක තිබී ඇයගේ මළ සිරුර සොයා ගැනුණි.
මෙම මෙහෙයුම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරුණි. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිතය.
