ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වෙයි!

Screenshot 2026-09-14 at 7.57.31 AM

ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් (Ultimate) ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබේ. ඉතා උණුසුම් තරගකාරී පරිසරයක් යටතේ පැවති මෙම තරගයේදී විශිෂ්ට දස්කම් දැක්වූ රුමේෂ් තරංග, මීටර් 91.09ක දැවැන්ත දුරක් වාර්තා කරමින් මෙම අමතක නොවන ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සමත් වීම මුළු රටකම නම ඉහළට ඔසවා තැබීමට හේතු විය.

මෙම අපූරු ජයග්‍රහණයත් සමඟ ඔහු ලෝක මලල ක්‍රීඩා පිටියේ තවත් සුවිශේෂී සහ අමතක නොවන කඩයිමක් පසු කිරීමට සමත් වූ අතර, ඔහුගේ මෙම අතිවිශිෂ්ට දක්ෂතාවය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු තවත් විශිෂ්ට සන්ධිස්ථානයක් ලෙස සටහන් වේ. ලෝක මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සමඟ කරට කර සටන් කරමින් ඔහු ලබාගත් මෙම රන් පදක්කම ශ්‍රී ලංකාවට අතිමහත් ආඩම්බරයක් ගෙන දෙන්නක් වූ අතර, මෙරට ක්‍රීඩකයන්ගේ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා තවදුරටත් ලොවට තහවුරු කළ අවස්ථාවක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

You may have missed