කොස්මෙටික් දැවැන්තයෙකු වන ‘ලෝරියල්’ (L’Oréal) සමාගමට පිළිකා අවදානම් වසන් කළ බවට එරෙහිව නඩු පවරයි!

Screenshot 2026-09-13 at 9.55.48 AM

කාන්තාවන්ගේ හිසකෙස් කෙළින් කිරීම සඳහා (Hair relaxer) භාවිත කරන නිෂ්පාදන මඟින් පිළිකා අවදානමක් ඇති විය හැකි බවට වන සාක්ෂි සඟවා තැබූ බවට චෝදනා කරමින් ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තය විසින් ‘ලෝරියල්’ (L’Oréal SA) ආයතනයට එරෙහිව නිල වශයෙන් නඩු පවරා තිබේ. ප්‍රාන්ත අගවිනිසුරු ක්‍රිස්ටින් මේස් විසින් ප්‍රාන්ත අධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුව හරහා, මෙම අවදානම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට නිසි අනතුරු ඇඟවීමක් නොකර අලෙවි කිරීම මඟින් ප්‍රාන්ත පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා කර ඇත.

ප්‍රධාන වශයෙන් අප්‍රිකානු සම්භවයක් ඇති කාන්තාවන් ඉලක්ක කර අලෙවි කරන ලද ‘Dark and Lovely’ සහ ‘Optimum’ වැනි වෙළඳ නාම යටතේ අලෙවි වූ මෙම නිෂ්පාදන භාවිතය හේතුවෙන් ගර්භාෂ සහ ඩිම්බකෝෂ පිළිකා වැළඳීමේ අවදානමක් ඇති විය හැකි බව 2022 වසරේ ජාතික සෞඛ්‍ය ආයතන (NIH) විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් අනාවරණය විය. මෙම තත්ත්වය මත ලෝරියල් ඇතුළු සමාගම්වලට එරෙහිව දැනටමත් ෆෙඩරල් අධිකරණවල නඩු 12,000කට අධික සංඛ්‍යාවක් ගොනු වී ඇති අතර, ලෝරියල් සමාගම පවසන්නේ තම නිෂ්පාදන දැඩි ආරක්ෂක පරීක්ෂාවන්ට ලක් කර ඇති බවත් මෙම චෝදනාවල කිසිදු විද්‍යාත්මක හෝ නීතිමය පදනමක් නොමැති බවත්ය.

You may have missed