යුද්ධයේ සහ බලශක්ති අර්බුද මැද බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දියාවට පැමිණෙයි!
මැදපෙරදිග සහ යුක්රේන යුද්ධය, ගෝලීය වෙළෙඳ අර්බුද සහ බලශක්ති ආරක්ෂාව වැනි දැවැන්ත අභියෝග රැසක් මධ්‍යයේ නවදිල්ලි නුවර ආරම්භ වන 18 වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගී වීම පිණිස චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දියාවට පැමිණ තිබේ. 2019 වසරෙන් පසු චීන ජනාධිපතිවරයෙකු ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර, 2020 වසරේ හිමාලය දේශසීමා ගැටුමෙන් පසු දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත් කරගැනීමේ තීරණාත්මක පියවරක් ලෙසද මෙය සැලකේ.
සාමාජික රටවල් 11කින් සමන්විත බ්‍රික්ස් සංවිධානය තුළ මධ්‍යපෙරදිග යුද්ධය සහ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මතුවී ඇති මතභේද මධ්‍යයේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර දේශසීමා ගැටලු විසඳා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සහභාගී වන මෙම සමුළුව, ලෝක ජනගහනයෙන් 50%ක් සහ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 40%ක් නියෝජනය කරන බ්‍රික්ස් සංවිධානයේ ඉදිරි ගමන තීරණය කරන මර්මස්ථානයක් වනු ඇත.
