ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය: පෙට්‍රල් සහ ඩීසල් මිල පහළට

Ceypetco_1200x675px_14_07_25-1000x600

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – ශ්‍රී ලංකා විශේෂ පුවත්

2026 ජූනි 29 (කොළඹ, ශ්‍රී ලංකාව) — ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) විසින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

“මාධ්_ය_නිවේදනය පහත ගොනුවේ දක්වා ඇති පරිදි, නව මිල ගණන් පහත පරිදි වේ:

  • ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්: රුපියල් 20කින් මිල පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414කි.
  • ලංකා සුදු ඩීසල්: රුපියල් 25කින් මිල පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 382කි.

කෙසේ වෙතත්, ඔක්ටේන් 95 පෙට්‍රල් (රු. 495), සුපර් ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 (රු. 478) සහ භූමිතෙල් (රු. 285) යන ඉන්ධන වර්ගවල මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත.