දියතලාවේදී ලංගම බස් රථයක් පෙරළී 40 දෙනෙකු තුවාල ලබයි
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ වාර්තාව
2026 ජූනි 27 (දියතලාව, ශ්රී ලංකාව) — කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථයක් අද (27) අලුයම දියතලාව දුම්රිය ස්ථානය අසලදී අඩි 20ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් වහාම දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතල තත්ත්වයේ පසුවන අයෙකු වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත මාරු කර යවා ඇතැයි දියතලාව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයේ මගීන් විශාල පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් දියතලාව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
