මාස නවයක මාර්ග ඉදිකිරීම් නිසා නේපියර් සුපර්මාර්කට් හිමිකරු බංකොලොත් වීමේ අද්දරට!

4JIKOZI_hbtroadwors0926_jpg

නවසීලන්තයේ නේපියර්  හි, ටාරඩේල් මාර්ගයේ (Taradale Road) මාස නවයක් පුරා ක්‍රියාත්මක වන මාර්ග ඉදිකිරීම් කටයුතු හේතුවෙන් තමන් බංකොලොත් වීමේ අද්දරට පත්ව ඇති බව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් පවසයි. මාරේවා (Marewa) හි ලීග් පාර්ක් සුපර්ෙට් (League Park Superette) හි හිමිකරු වන හෙටාල් ශාස්ත්‍රි (Hetal Shastri) පසුගිය වසර 10කට වැඩි කාලයක් මෙම ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන ගොස් ඇත. කොවිඩ්-19 වසංගතය සහ අයහපත් කාලගුණික තත්ත්වයන් පවා සාර්ථකව ජයගත් මෙම ව්‍යාපාරය, ජනවාරි 25 වැනි දින නගර සභාව විසින් ටාරඩේල් මාර්ගයේ දකුණු දිශාවට පිවිසෙන මංතීරුව වසා දමමින් දියත් කළ මලාපවහන නල (culvert) උත්ශ්‍රේණි කිරීමේ ව්‍යාපෘතිය නිසා දැඩි කඩාවැටීමකට ලක්ව තිබේ.

මෙම මාර්ග වසා දැමීම හේතුවෙන් පාරිභෝගික ප්‍රවේශය ඇණහිටීම නිසා තම ව්‍යාපාරික ආදායම 30% සිට 40% දක්වා පහළ වැටී ඇති බව ශාස්ත්‍රි සඳහන් කරයි. උකස් වාරික ගෙවාගැනීමට නොහැකි වීම නිසා තම පවුලේ මෝටර් රථ දෙකම විකුණා දැමීමට සිදුව ඇති බවත්, මෑතකදී මාස දෙකක කුලී මුදල් පවා ගෙවාගත නොහැකි වූ බවත් ඔහු පවසයි. ප්‍රධාන සැපයුම්කරුවන් පවා ණය බිල්පත් ගෙවා නැති නිසා භාණ්ඩ සැපයීම අත්හිටුවා ඇති අතර, මෙම මූල්‍ය අර්බුදය තම පවුල මත දැඩි මානසික පීඩනයක් එල්ල කර ඇති බව හෙතෙම කියා සිටී. නේපියර්  නගර සභාව ප්‍රකාශ කර ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන් ව්‍යාපෘතිය අපේක්ෂිත කාලයට වඩා ප්‍රමාද වී ඇති බවත්, එළඹෙන සැප්තැම්බර් 21 වැනි දින වන විට ටාරඩේල් මාර්ගය ද්වි-මාර්ග ගමනාගමනය සඳහා යළි විවෘත කිරීමට නියමිත බවත්ය. කෙසේ වෙතත්, තමන්ට සිදුව ඇති මූල්‍යමය පාඩුවෙන් යථා තත්ත්වයට පත්වීමට මාස ගණනක් ගතවනු ඇති බව ව්‍යාපාරිකයන්ගේ අදහසයි.

You may have missed