ඕක්ලන්ඩ් නගරයේ නොසලකා හරින ලද වායු දූෂණ ගැටළුව – එය වාහනවල දුම් නළවලින් ඇතිවන්නක් නොවේ!
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ වායු දූෂණය සම්බන්ධයෙන් සිදුකළ නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ නගරයේ වායු ගුණත්වයට වැඩිම බලපෑමක් කර ඇත්තේ වාහනවල දුම් නළ මඟින් නිකුත් වන අපද්‍රව්‍ය නොව, වාහන ගමන් කිරීමේදී මාර්ගය දිගේ නැගෙන දූවිලි සහ කුඩා අංශු (road dust) බවයි. විද්‍යුත් වාහන (EVs) භාවිතය සහ පිරිසිදු එන්ජින් ප්‍රමිතීන් හේතුවෙන් වාහනවල දුම් නළ හරහා සිදුවන දූෂණය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුනද, ටයර් සහ තිරිංග ගෙවී යාමෙන් මෙන්ම පාරේ දූවිලි කැළඹීමෙන් ඇති වන ‘නොවන-දුම්’ (non-exhaust) දූෂණය තවදුරටත් අභියෝගයක්ව පවතී.
ක්වීන් ස්ට්‍රීට්, කයිබර් පාස් සහ පෙන්රෝස් යන ප්‍රදේශවල 2006 සිට 2019 දක්වා දත්ත විශ්ලේෂණය කරමින් මෙම අධ්‍යයනය සිදු කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ වැසි සහිත නගරයක් වුවද, මාර්ග දූවිලි PM10 අංශු මට්ටම ඉහළ නැංවීමට දැඩි ලෙස බලපා ඇති බවයි. විශේෂයෙන්ම ටොන් 3.5කට වඩා බරැති වාහන මුළු වාහන සංචලනයෙන් 4ක් වැනි කුඩා ප්‍රතිශතයක් නියෝජනය කළද, ඒවා මඟින් පාරේ පස් සහ ලිහිල් ද්‍රව්‍ය අවුස්සමින් දූෂණය තවත් තීව්‍ර කර තිබේ. මෙම මාර්ග දූවිලි හෘද රෝග සහ ශ්වසන ආබාධ වැනි බරපතළ සෞඛ්‍ය ගැටලුවලට හේතු වන බැවින්, ඉදිරි ප්‍රතිපත්ති සැකසීමේදී දුම් නළ විමෝචනයට අමතරව මෙම මාර්ග දූවිලි පාලනය කිරීමටද රජය අවධානය යොමු කළ යුතු බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
