දින 200කට අධික කාලයක් මුහුදේ සිටි අමෙරිකානු මැරීන් භටයින් 5,000ක් විවේක සුවය සඳහා තායිලන්තයේ පතායා වෙත!

photo0jpg

බැංකොක්, තායිලන්තය —

දින 200කට අධික කාලයක් අඛණ්ඩව යුද කටයුතුවල නිරත වීමෙන් අනතුරුව, මැරීන් භටයින් 5,000ක් රැගත් එක්සත් ජනපදයේ ‘USS Abraham Lincoln’ ගුවන් යානා යුද නෞකාව තායිලන්තයේ ප්‍රධාන සංචාරක නගරයක් වන පතායා වෙත පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගුකලක් මුහුදු මාවත්වල ගත කළ සෙබළුන්ට විවේක සුවයෙන් කාලය ගත කිරීමේ අරමුණින් මෙම නෞකාව එරට නැංගුරම් ලෑමට නියමිතව ඇත.

විශේෂ ආරක්ෂාව සහ ආර්ථික වාසි

ලෝකයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් මෙන්ම විවිධ සේවාවන්ට ප්‍රසිද්ධ නගරයක් ලෙස සැලකෙන පතායා වෙත පැමිණෙන මෙම විශාල භට පිරිසට අවශ්‍ය සේවා සැපයීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තායිලන්තය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ. මෙම නෞකාව පතායා නගරයේ නැංගුරම් ලෑම හරහා තායිලන්තයේ සංචාරක ව්‍යාපාරයට සහ දේශීය ආර්ථිකයට විශාල මූල්‍ය වාසියක් අත්වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී ඇත.