අමෙරිකානු සම්බාධකවලින් බේරීමට ඉරාන නෞකා 12ක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීද?

Screenshot 2026-09-02 at 12.07.49 PM

කොළඹ, ශ්‍රී ලංකාව —

අමෙරිකාව විසින් සම්බාධක පනවනු ලැබූ බව කියන ඉරාන නෞකා කිහිපයක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළුවී ඇති බවට වාර්තා වීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබීය. පසුගිය දින කිහිපය තුළ අවසරයකින් තොරව ඉරානයට අයත් නෞකා 12ක් පමණ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඇති බවත්, ගොඩබිමේ සිට නාවික සැතපුම් 12ක සීමාව ඉක්මවා නාවික සැතපුම් 11.5ක් දක්වා ඒවා පැමිණ ඇති බවත් මාධ්‍යවේදීන් එහිදී පෙන්වා දුන්හ.

කැබිනට් ප්‍රකාශකවරයාගේ ප්‍රතිචාරය සහ ශ්‍රී ලංකාවේ ස්ථාවරය

මෙම වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, එම කරුණ සම්බන්ධයෙන් තමා තවමත් දැනුවත් නැති බවත්, ඒ පිළිබඳව විදේශ අමාත්‍යාංශය මඟින් කරුණු සොයා බැලීමක් සිදු කරන බවත්ය. මීට පෙර මැදපෙරදිග යුද උණුසුම ඉහළගොස් පැවතියදී පවා ජීවිත බේරා ගැනීමේ මානුෂීය අරමුණින් පමණක් දෙපාර්ශ්වය සඳහා උපකාරී වන අන්දමින් කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවන් පසුබිමක් තුළ යුද්ධයේ කිසිදු පාර්ශ්වයකට සහය වීමේ අවශ්‍යතාවක් නොමැති බවද අවධාරණය කළේය.

You may have missed