‘Rebuilding Sri Lanka’ වැඩසටහන ව්‍යවස්ථාපිත අරමුදලක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ වාර්තාව
2026 ජූනි 06 (නවසීලන්තය) — රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී මෑතකදී රැස්වූ අවස්ථාවේදී, ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට අදාළ ගිණුමේ වත්මන් තත්ත්වය සහ සමෘද්ධි බැංකු විගණනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
සාකච්ඡා වූ ප්‍රධාන කරුණු
- ‘Rebuilding Sri Lanka’ ගිණුම: දැනට පවතින තොරතුරුවලට අනුව ‘Rebuilding Sri Lanka’ යන නමින් ව්‍යවස්ථාපිත අරමුදලක් නොමැති බවත්, මෙය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා යටතේ පවතින සාමාන්‍ය ගිණුමක් පමණක් බවත් ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් අනාවරණය කර ඇත. මෙම ගිණුම හරහා මෙතෙක් කිසිදු ගෙවීමක් සිදු කර නොමැති බවද සඳහන් වේ.
- සමෘද්ධි බැංකු විගණනය: සමෘද්ධි බැංකු විගණනය කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොමැති වීම පිළිබඳව නිලධාරීන් අවධාරණය කර ඇත. 2025 වර්ෂයට අදාළ විගණනය සිදු කිරීමට නම් 2023 සහ 2024 වසරවල විගණන කටයුතු අවසන් කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය බාහිර පාර්ශ්ව වෙත පැවරීමේ ප්‍රසම්පාදන කටයුතු තවමත් අවසන් වී නොමැති බවත් හෙළි විය.
- නිලධාරී හිඟය සහ සයිබර් ආරක්ෂාව: විගණන කටයුතු සඳහා තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ගේ හිඟයක් පවතින බවත්, පද්ධති විගණනයන් බාහිර පාර්ශ්ව මගින් සිදු කරන බවත් නිලධාරීන් පැවසූහ. කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, සමෘද්ධි බැංකු හා සමිති විගණනය සඳහා නිසි ක්‍රමවේදයක් සකසා යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කළේය.
