හැරි බෘක්ගේ වේගවත් ශතකය සහ ජොස් බට්ලර්ගේ දස්කම් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට දැවැන්ත ජයක්!

Britain Cricket World Test Championship Final

Australia's Mitchell Starc celebrates the dismissal of South Africa's Aiden Markram during the World Test Championship final between South Africa and Australia at Lord's cricket ground in London, Wednesday, June 11, 2025. (AP Photo/Kirsty Wigglesworth)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරඟයෙන් ලකුණු 119ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නායක හැරි බෘක්ගේ (Harry Brook) ප්‍රවේගකාරී ශතකය (පන්දු 42කින් නොදැවී ලකුණු 114යි) සහ හිටපු නායක ජොස් බට්ලර්ගේ (Jos Buttler – පන්දු 44කදී ලකුණු 80යි) විශිෂ්ට පිතිහරඹය මත පදනම්ව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 254ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 255ක අභියෝගයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඩුනිත් වෙල්ලාලගේ පන්දු 21කින් ලකුණු 33ක් රැස් කළ අතර, සෙසු පිතිකරුවන් අසාර්ථක විය. පන්දු යැවීමේදී විශිෂ්ට ලෙස ක්‍රියා කළ සොනී බේකර් (Sonny Baker) ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය.

You may have missed