ඕක්ලන්ඩ් නගරයේ CRL ව්‍යාපෘතියට බිලියන ගණනක් වෙන් වන විට, දකුණු දූපතේ දුම්රිය සේවා සඳහා කිසිදු මුදලක් වෙන් වී නැතැයි චෝදනා!

Screenshot 2026-09-15 at 12.05.07 PM

ඕක්ලන්ඩ් නගරයේ ‘City Rail Link’ (CRL) ව්‍යාපෘතියේ සාර්ථකත්වයෙන් පසු, දකුණු දූපත වෙත මගී දුම්රිය සේවා හඳුන්වා දීමට රජයේ අවධානය යොමු කළ යුතු බවට දුම්රිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන ‘Save Our Trains’ පවසයි. ක්‍රයිස්ට්චර්ච් හි උතුරින් පිහිටි ඇම්බර්ලි (Amberley) සිට දකුණින් ඇෂ්බර්ටන් (Ashburton) දක්වාත්, ක්‍රයිස්ට්චර්ච්, Dunedin සහ ඉන්වර්කාගිල් අතරත් මගී දුම්රිය සේවා ආරම්භ කරන ලෙස ‘Save our Trains Southern’ සංවිධානය ඉල්ලා සිටී. රටේ වේගයෙන්ම වර්ධනය වන නගරයක් වන සෙල්වින් දිස්ත්‍රික්කයේ රෝලස්ටන් (Rolleston) ද මෙම කැන්ටබරි සැලැස්මට ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රකාශක ඩේව් මැක්පර්සන් (Dave MacPherson) පෙන්වා දී ඇත්තේ, උතුරු දූපතේ මගී දුම්රිය සඳහා ලැබී ඇති දැවැන්ත සහයෝගය දැන් සෙසු ප්‍රදේශවලට, විශේෂයෙන්ම රජයෙන් මෙතෙක් කිසිදු අරමුදලක් වෙන් කර නොමැති දකුණු දූපතට පුළුල් කළ යුතු කාලය එළඹ ඇති බවයි. පසුගිය වසර දෙක තුළ දකුණු දූපතේ ජනගහන වර්ධනය උතුරු දූපතට වඩා වේගවත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි. අවශ්‍ය දුම්රිය මිලදී ගැනීම සඳහා ඇස්තමේන්තු කර ඇති වියදම ඩොලර් මිලියන 112ක් පමණක් වන අතර, දැනටමත් දුම්රිය මාර්ග පවතින බැවින් නව මහාමාර්ගයක් තැනීමට මෙන් මුල සිට ආරම්භ කිරීමට අවශ්‍ය නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, ප්‍රවාහන අමාත්‍ය ක්‍රිස් බිෂොප් (Chris Bishop) ප්‍රකාශ කර ඇත්තේ වත්මන් රජයේ ප්‍රමුඛතාව වී ඇත්තේ වසර ගණනාවක් තස්සේ අලුත්වැඩියා නොකිරීමෙන් අඩපණ වී ඇති ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් නගරවල පවතින මෙට්‍රෝ දුම්රිය ජාලයන් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම බවයි.

You may have missed