එයාර්බස් ගනුදෙනු අල්ලස් සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කරන ලෙස නීතිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස්!
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වසර 2014-2015 කාලයේදී යානා 10 කින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 20 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී තිබේ. මීට වසර 13 කට පමණ පෙර එනම් 2013 වසරේදී අදාළ යුරෝපීය ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබා ගත් බව කියන අදාළ අල්ලස් මුදල නාමල් රාජපක්ෂ මහතාට ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් මෙම සිද්ධිය අධීක්ෂණය කරන අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී විජේනායක යන අයද සැකකරුවන් ලෙස නම් කර ඇති අතර, කපිල චන්ද්‍රසේන මහතාගේ මස්සිනා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේදී ඔහු ගෙල වැළලාගෙන මියගොස් සිටියදී පසුගිය කාලයේ සොයාගැනුණි. එසේම, මෙම සිද්ධියේ සැකකාරියක වන ප්‍රියංගා නියෝමාලී විජේනායක මහත්මිය විදෙස්ගතව සිටීම හේතුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ උපදෙස් මත ඇයට එරෙහිව රහස් පොලිසිය විසින් නෛතික පියවර ගෙන ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
