අධික වියළි කාලගුණය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ සතුන් දැඩි ජල හා ආහාර හිඟයකට!

yala-national-park-sri-lanka-elephants-feature

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සහ එල් නිනෝ (El Niño) බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජාතික වනෝද්‍යානය වන යාල ජාතික වනෝද්‍යානය දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. වනෝද්‍යානය තුළ පිහිටි ඉන්ද්‍රවිල, හඳුන් ඔරුව, යාල වැව සහ පටනංගල වැව වැනි ප්‍රධාන වැව් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර, දර්ශන වැව සහ බුතව වැවේ ජල මට්ටම්ද සැලකිය යුතු ලෙස පහත බැස තිබේ. මේ නිසා ක්ෂීරපායින්, පක්ෂීන්, උරගයින් ඇතුළු සතුන් රැසක් පානීය ජලය සහ ආහාර නොමැතිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති.

සතුන්ගේ පිපාසය සංසිඳුවීම සඳහා වනජීවී නිලධාරීන් මැණික් ගඟෙන් සූර්ය පැනල මෝටර මඟින් ජලය ලබා ගනිමින් භූගත නල හරහා පොකුණුවලට බෙදාහැරීමටත්, දෛනිකව බවුසර් මඟින් ලීටර් ලක්ෂයකට අධික ජල ධාරිතාවක් රැගෙන ගොස් කෘතිම හා ස්වභාවික පොකුණු පිරවීමටත් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී. එසේම, වියළි කාලගුණය හමුවේ සතුන්ට සිදුවන බාධා අවම කිරීම සඳහා යාල ජාතික වනෝද්‍යානයේ අංක 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

You may have missed