ශ්‍රී ලංකාවේ, වත්තේගම පාරක දරුවකු දමා ගිය මව සිද්ධියේ සහ අනියම් සැමියා හාලිඇලදී අත්අඩංගුවට!

Screenshot 2026-08-15 at 1.28.49 PM

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

කොළඹ, ශ්‍රී ලංකා — 2026 අගෝස්තු 15 —

පහර දී, ලයිටරයකින් පුලුස්සා දැඩි වධහිංසාවට සහ කෲරත්වයට ලක් කර වත්තේගම යටිරාවන පහළ ගම්මැද්ද ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් සිටියදී සොයාගත් සිව්හැවිරිදි සිඟිති දැරියගේ මව සහ ඇගේ අනියම් සැමියා හාලිඇල දික්වැල්ලවත්තේ සහෝදරියකගේ නිවසේ සැඟවී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි.

මෙම අවාසනාවන්ත සිද්ධිය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයද සැකකරුවන් සමඟ පොලිස් භාරයට ගෙන තිබේ. මහනුවර ගනේතැන්න ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 37 හැදිවිරිදි දෙදරු මවක් සහ ඇය සමඟ සිටි 28 හැවිරිදි කුලී රථ රියැදුරෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. නීත්‍යානුකූල සැමියාගෙන් වෙන්වී සිය සිව්හැවිරිදි දියණිය සමඟ ජීවත් වූ මෙම කාන්තාව, කුලී රථ රියදුරු සමඟ පවත්වාගත් අනියම් සම්බන්ධතාවක් මත මෙම අපරාධය සිදු කර ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.