ශ්‍රී ලංකාවේ ළමයින් සේවයේ යෙදවීම සඳහා වන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළට!

Child-labour

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

කොළඹ, ශ්‍රී ලංකා — 2026 අගෝස්තු 15 —

පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබෙන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මඟින්, ළමයින් සේවයේ යෙදවීමේ වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇත.

මෙම පනත් කෙටුම්පත අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සළකා බලා තිබේ. කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වූ අතර, කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පනතට අදාළ සංශෝධන පිළිබඳව කරුණු පැහැදිලි කළහ.

පනතේ ප්‍රධාන ප්‍රතිපාදන

  • වයස් සීමාවන්: 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීම පනත මඟින් වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
  • තරුණ අය සේවයේ යෙදවීම: එකී පනතේ විධිවිධාන පරිදි වයස අවුරුදු 16ට වැඩි එහෙත් 18ට අඩු තරුණ අය සේවයේ යෙදවීම සම්බන්ධයෙන් සේවායෝජකයන් විසින් අනුගමනය කළ යුතු දැඩි රෙගුලාසි පනවනු ලැබ තිබේ.
  • දඩ මුදල් ඉහළ නැංවීම: පනතේ නීති උල්ලංඝනය කරමින් ළමයින් සේවයේ යෙදවන පුද්ගලයන්ට පනවා තිබූ පැරණි රුපියල් 10,000ක දඩය මෙලෙස රුපියල් ලක්ෂයක් (100,000) දක්වා වැඩිකර ඇත.

You may have missed