රන් මිල ඉහළට: කැරට් 24 රන් පවුමක් රුපියල් 392,000ක් දක්වා ඉහළ යයි, රුපියල නැගිටීම ඇරඹේ!

images-2

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – වෙළෙඳපොළ විශේෂ වාර්තාව

2026 ජූනි 16 (කොළඹ/වෙලින්ටන්) — ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි සිදුවූ වර්ධනයත් සමඟ දේශීය රන් වෙළෙඳපොළේ ද රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ දත්තවලට අනුව රන් මිලෙහි ඉහළ යාමක් ඊයේ (15) දිනයේ වාර්තා විය.

දේශීය රන් මිල ගණන් (ජූනි 15)

  • කැරට් 22 රන් පවුමක්: රුපියල් 360,600ක් ලෙස සටහන් විය.
  • කැරට් 24 රන් පවුමක්: රුපියල් 392,000ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය දින (13) හා සැසඳීමේදී රුපියල් 6,000ක මිල ඉහළ යාමකි.

රුපියලේ අගය ශක්තිමත් වීම

රන් මිල ඉහළ ගිය ද, විනිමය අනුපාතික දත්තවලට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

  • අද (15) ඩොලරයේ ගැණුම් මිල: රුපියල් 326.34 (පසුගිය සිකුරාදා රු. 331.42 විය).
  • අද (15) ඩොලරයේ විකිණුම් මිල: රුපියල් 336.58 (පසුගිය සිකුරාදා රු. 341.36 විය).

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි පවතින උච්ඡාවචනයන් දේශීය වෙළෙඳපොළට සෘජුවම බලපෑමක් එල්ල කරන අතර, රුපියලේ අගය ශක්තිමත් වීම මෙරට ආර්ථිකයට යම් සහනයක් ගෙන දෙයි.

You may have missed